Spread the love

ඉහත පළවෙනි ප්‍රශ්ණය අපිටත් තිබුනා.මේ පිලිබදව විධායක කමිටුවෙත් අපි දීර්ඝව සාකච්ඡා කලා. අපි සෑම ප්‍රසංගයකටම ලක්ෂ 10කට ආසන්න මුදලක් පසුගිය වසර වල වියදම් කලා. (ගිය වර්ෂයේ නැතිව. ගිය වර්ෂයේ වියදම 521910.00). මීට පෙර විදේශගත සොයුර සොයුරියන්ගෙන් සහය ඉල්ලා නැහැ. මෙවර රටේ පවතින වර්තමාන තත්වයත් එක්ක වියදම් ප්‍රමාණය වැඩිවීම නිසාත් මාස් ශ්‍රවණාගාරයේ පුටු සංඛ්‍යාව 480ක් නිසාත් වෙනත් අනුග්‍රහයන් ලබාගන්න තීරණය කලා. සමරු කළාපයක් ගියවරත් කලේ නැහැ.මෙවරත්, ඉදිරියටත් කරන්න අදහසක් නැහැ. කරන්නේ නැහැ. අපි මෙවර ප්‍රසංගයෙන් බලාපොරොත්තු වන ලාභය ලක්ෂ 17ක්. මෙම මුදල අපි එකතු කරන්න ගියානම් එකතු වෙන්නෙ නැහැ. ටිකට් එකක් විකුන ගන්නෙ බොහොම අමාරුවෙන්. (ඒ අතර පෝස්ට් එක දැකපු ගමන් 5000/3000 ටිකට් ඕඩර කරන අයත් ගොඩක් අය ඉන්නව, මේ වන විට තවම ටිකට් එළියට දාලත් නැති වෙලාවක 5000/- ටිකට් 42ක් ඕඩර් කරල) ගෙදරක 5000*5 ක් ගන්න කෙනෙක් අධාරයක් සදහා ගියොත් ලැබෙන්නෙ 5000ක් බෝහෝ දුරට. ‍අනික මේ ප්‍රසංගය අපේ 08 වෙනි එක. ඒක ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික ඉවන්ට් එකක් වෙලා. මේවා තනි තීරණ නෙමෙයි. ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කරල ගන්නෙ. මේ ප්‍රසංගය බලන්න ආදි ශිෂ්‍ය සහ නොවන බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. සමහර ආදි සිසුන් කොළඹ,මාලබේ වැනි දුර ප්‍රදේශ වල ඉදන් එනව. අපි ලක්ෂ දහයක් දොලහක් වියදම් කරල ලක්ෂ දෙකක්, තුනක් ලාභයක් ගන්නවනම් ඒක ප්‍රශ්ණයක්. පාසලට සෘජුව ආධාර කරන අයත් ඉන්නවා. එහෙම කැමති අයට එහෙම කරන්නත් පුළුවන්.

ආදි ශිෂ්‍ය සංගමය ප්‍රසංග කරල හොයපු මුදල් වලට මොකද වුනේ?

මේකත් අපේ ආදි ශිෂ්‍ය සොයුර සොයුරියන් දැනගත යුතුයි. පළවෙනි ප්‍රසංගය සනිධප. ඒකෙ ලාභය ලක්ෂ 5යි. මීට පෙර තව ලක්ෂ දෙක හමාරක ස්ථාවර තැන්පතුවක් විතරයි තිබුනෙ. ඉන්පස්සෙ ඒ වර්ෂයෙ ඒ දෙක හමාරයි, පහයි එකතු කරල ලක්ෂ 7.5ක් ස්ථාවර දැන්ම. ඒ දවස් වල ත්‍යාග ප්‍රධානෝත්සවය කරන්න සහ තව පොඩි වැඩ කීපයකට විතරයි මුදල් තිබුනෙ.

ඊට පස්සෙ අවුරුදු දෙකකින් වගේ පස්සෙ අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා සමග ප්‍රසංගය කලා. එහි ලාභයෙන් කොටසක් බැංකුගත කලා. ඉතිරිය පාසලේ ක්‍රිකට් තරගයත් එම වර්ෂයේ අප විසින් කිරීමට තිබූ නිසා ඒ සදහා වැය කලා.
ඊලග ප්‍රසංගය ටීඑම්,ආත්මා, සමිතා එහි ලාභය මතක විදියට ලක්ෂ 18ක් පමණ.

එම 18ත් අර ස්ථාවර තැන්පත් 7.5ත් එකතු කරල 2017දී වසර 5ක් සදහා ස්ථාවර තැන්පත් දැම්මා. වසර 5 මේ වර්ෂයේ මාර්තු අවසන් වුනා. පොලියත් සමග මුළු මුදල ලක්ෂ 42ක් වුනා. එයින් ලක්ෂ 12ක් පාසලේ අළුතින්ම සකස් කරන ජල ව්‍යාපෘතිය සදහා වෙන් කර ඉතිරි ලක්ෂ 30 නැවතත් 20% පොලියට වසර 5ක ස්ථාවර තැන්පතුවක් දැම්මා. වසර 5කින් එය ලක්ෂ 60ක මුදලක්.

ඉන්පසු 60/70 දශකයේ ප්‍රසංගය. එහි වියදම ඉතා අඩුයි. එය සංස්කෘතික දෙපාරතුමේන්තුවෙන් කරන නිසා. එහි ලාභය අඩු මුදලක් (ගාන බලල බස්සෙ දාන්නම්).

ඒ මුදලින් ප්‍රථමික අංශයේ ක්‍රීඩාංගණයට පහල පංති ඉදිරිපිට මිදුල කොටස ඉන්ටලොක් අල්ලා සකස් කලා. ඒ ප්‍රදේශය ළමයින්ට අනතුරුදායක මෙන්ම ඉතා අවධානම් ලෙස ඛාධනය වෙලා තිබුනේ.

ඊට පස්සෙ සුනිල් එදිරිසිංහ,සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටිය ප්‍රසංගය එහි ලාභය ලක්ෂ 14ක් පමණ. ඒ මුදල කොටසක් හෞතික සංවර්ධනය වෙනුවෙන් සහ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් වෙන් කල අතර එයින් ලක්ෂ 8ක් එම වර්ෂයේ බිග් මැච් එක වෙනුවෙන් වෙන්කලා. (ඒ අවුරුද්දෙ අපිට බිග් මැච් එක කරන්න තිබුනෙ)

ඉන්පස්සෙ  පැවති කොරෝනා වසංගත තත්වත් නිසා අපිට වසර දෙකක් ප්‍රසංගය කරන්න බැරි වුනා. ඒත් එක්කම බිග් මැච් එක කරන්නත් බැරි වුනා. වසර දෙකක් ත්‍යාග ප්‍රධානෝත්සවය කරන්නත් බැරි වුනා. කොරෝනා අවසන් වුනාට පස්සෙ වසර දෙකක් කරන්න බැරි වුන ත්‍යාග ප්‍රධානෝත්සවය අපි කලා. ඒ සදහා සෑම වර්ෂයකම අනුග්‍රහය දෙන්නෙ ආදි ශිෂ්‍ය සංගමය. වසර දෙකක් නිසාත්, විශ්ව විද්‍යාල ප්‍රවේෂ ප්‍රමාණය වෙනත් වර්ෂවලට වඩා සාපේක්ෂව වැඩිවී ඇති නිසාත් මෙවර වියදමත් වැඩි වුනා. එසේම භාණ්ඩ වල මිල ඉහල යාමට සාපේක්ෂව ත්‍යග වල මිලත් අපි වැඩි කලා, උදා. මීට පෙර විශ්ව විද්‍යාල ප්‍රවේෂය සදහා වෙන් කල තිබූ මුදල රු.1000/-ක් වූ අතර මෙම වර්ෂයේ එය 1500/- දක්වා වැඩි කලා. ත්‍යාග ප්‍රධානොත්සවය සදහා වැය කල මුදල ලක්ෂ 12ක් පමණ වුනා. (වෙනත් වර්ෂ වල එක් වර්ෂයකට ලක්ෂ 4-5 අතර)

ඉන්පස්සෙ 2022 මාර්තු 60/70 දශකයේ අයත් එක්කම ප්‍රසංගයක් කලා. පැවති තත්වයත් එක්ක සාර්ථක වෙයි කියල බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් සාර්ථක වුනා. එහි ලාභය 701,590.00 යි.

60/70 දශකයේ කළාකරුවන්ගේ ප්‍රසංගය 2022 මාර්තු 12

ඒ අතර පාසලේ ජලය පිළිබද ප්‍රශ්ණයක් පසුගිය වසර කීපය පුරාම පැන නැගුන. ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගෙන්,දෙමාපියන්ගෙන් සහ විදුහල්පතිතුමාගෙන් ඉල්ලීම් ආව. අපේ ආදි ශිෂ්‍ය ඒ සම්බන්ධ ඉංජිනේරුවරුන්, තාක්ෂණ නිලධාරීන් සමග එක්ව මාස්ටර් සැලැස්මක් සකස් කලා. එහි වියදම ලක්ෂ 35ක් විතර( දැනට මාස 06කට කලින්) අද මේ මුදල වැඩි වෙලා. නමුත් අපි ඒ වෙන කොට මේ වැඩේට අත ගහල. පොඩි ළමයින්ට ‍වැසිකිලි යන්න වතුර පල්ලෙ වලකින් ගන්න දසුන් අපි දැක්ක. ඒ නිසා බෑරෑරුම් උනත් ආදි ශිෂ්‍ය සංගමය මේ වැඩේට අත ගැහුව. දැන් මාස 06 කට කලින්. මේ වන විට වෑල් ඇර අනිත් සියල්ල පාසලට ගෙනවිත් තියෙන්නෙ. සම්පූර්ණ පාසල් පද්ධතියෙම බට ලයින් අළුතින් දානව. ලීටර් 10000 ටැංකි දෙකක් සහ ප්‍රධාන ටැංකිය තිබුන තැනට ලීටර් 10000 ටැංකි දෙකක් එනව. ගේච් 600 අගල් 2 බට පාසල වටේට රිංග් එකක් විදියට යනව. එයින් අනෙකුත් ටැංකි වලට බෙදා හරිනව. ලොකු සැලැස්මක් වගේම ඒ සම්බන්ධ ආදි ශිෂ්‍යයින්ගේ ලොකු කැපකිරීමක්. මේ වන විට දළ වශයෙන් ලක්ෂ 25ක් පමණ අප වියදම් කරල තියනව. (20000/- ට වැඩි සෑම මුදලකටම කොටේෂන් කැදවා මිලදී ගැනීම් දැන් කරන්නෙ) ඒ අතර ආදි ශිෂ්‍ය සංගමය දවසෙ මේ සැලැස්ම අපි ඉදිරිපත් කලා. ඒක දැකපු එක ආදි ශිෂ්‍යයෙක් එක කොටසක් සම්පූර්ණයෙන් කරල දෙන්න ඔහු පොරොන්දු වුනා (ඒ භාණ්ඩක් මේ වන විට පාසලට ගෙනත් තියෙන්නෙ. ඔහුට ලක්ෂ 8-10ත් අතර ප්‍රමාණයක් යයි කියල අනුමාන කරනව. ඔහුගේ නම/ගම කියන්න එපා කියල අපිට දැනුම් දුන්න.

මේ වන විට අපගේ සාමාන්‍ය ගිණුමේ ලක්ෂ 15ක පමණ මුදලක් තියනවා. එයින් ලක්ෂ 3ක් වෙනත් වැඩසටන් සදහා ලැබුණු මුදල්. ඒ වගේම මෙයින් ලක්ෂ 6ක් පමණ මීලග ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා වෙන් කල යුතු වෙනවා. එවිට අපට ඉතිරි වන්නේ ලක්ෂ 6ක් පමණ. අපේ විශ්වාසයේ හැටියට ජල ව්‍යපෘතිය අවසන් කිරීමට තවත් ලක්ෂ 15ක් පමණ වැය වනු ඇත.(පවතින මිල දිනෙන් දින මිල ඉහල යෑම හමුවේ ස්ථිර වැය මුදලක් තීරණය කිරීමට අපහසු අතර මේ සියල්ල අධීක්ෂණය සහ සම්බන්ධීකරණය ආදි ශිෂ්‍ය සංගමයේ භෞතික සම්පත් කමිටුවේ සභාපති මෙත්තානන්ද සොයුරා සිදුකරයි. ඔහු මාගා ආයතනයේ ඉදිකිරීම් කළමණාකරුය.) මෙවර ප්‍රසංගයෙන් ලක්ෂ 17ක් උපයා මෙම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කිරීම අපගේ බලාපොරොත්තුවයි.  මෙම මුදල මෙවැනි ප්‍රසංගයක් නොපවත්වා කිරීමට උත්සහ කිරීමේදී එවැනි මුදලක් එකතු කර ගැනීම අපහසු කටයුත්තකි. එය අපගේ පසුගිය වසර වල අනේක විධ අතදැකීම් අප ලබා ඇත.

මෙය ඉල්ලීමක් පමණි. කැමති සොයුර සොයුරියන්ට ප්‍රසංගය සාර්ථක කරගැනීමට අධාර කිරීමට පුළුවන් අතර පාසල ආධාර කිරීමට කැමති සොයුර සොයුරියන්ට අප ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුම හරහා හෝ පාසල් සංවර්ධන සමිතියේ ගිණුම හරහා එසේ කල හැක.

ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුම් අංකය – 054100110023832, මහජන බැංකුව, වරකාපොල ශාඛාව
ගිණුමේ නම – ආදි ශිෂ්‍ය සංගමය, තෝලංගමුව ම.වි.

මෙම කාලය තුල මොනවාද පාසලේ ආදි ශිෂය සංගමය මගින් කරලා තියෙන්නේ කියල ප්‍රශ්ණාර්තයක් කාගේ හෝ සිතෙහි ඇති වුවහොත් පුංචි කාලයක් වැය කර පාසලට පැමිණ සියැසින් දැක ගැනීමට ආරාධනා කරමි.

ඔබේ ශක්තියෙන් ආදි ශිෂ්‍ය සංගමය මගින් කළ ව්‍යාපෘති කීපයක්…

නාන ලිද ලග.. එම ලිද මෙහි යට සකසා ඇති අතර ජල ව්‍යාපෘතියට මෙමගින්ද ජලය ගැනීමට සැලසුම් කර ඇත

Leave a Reply