2000 කණ්ඩායමේ දිනිදු මහේෂ් ගම්ආරච්චි සොයුරා විසින් ආදි ශිෂ්‍ය සංගමයේ සුභසාධන අලෙවිහල සදහා ෆොටෝ කොපි යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. එය විද්‍යලීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය ආදි ශිෂ්‍ය සංගමයෙන් කල විශේෂ ඉල්ලීමන් විය.
විවිධ අවස්ථාවල සිසුන්ගේ විශේෂයෙන් උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සදහා ව්‍යාපෘති සකස් කිරීමේදී ඔවුන්ට අවශ්‍ය ලිපි/සටහන් ෆොටෝකොපි කිරීම සදහා පාසලෙන් පිටතට පැමිණීමට සිදුවෙයි. එවන් අවස්ථාවල ආරක්ෂාව මෙන්ම විනය පිළිබද ගැටලු වලට සමහර විට මුහුණ දීමට සිදුවිය හැකි බව ආචාර්ය මණ්ඩලයේ මතය විය. මෙම ඉල්ලීම සලකා බලා සාකජ්චා කරමින් සිටින අවස්ථාවක දිනිදු මහේෂ් සොයුරා මේ සදහා ඉදිරිපත් විය. ඔහු අප විද්‍යාලයේ සිටි ගණිත විෂය ඉගැන්වූ චාන්දනී ගුණසේකර ගුරු මෑණියන්ගේ පුතණුවන්ය.
පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පවත්වාගෙන යන මෙම අලෙවි හලෙන් සිසුන් සදහා ඉතා සහන මිලට පාසැල් උපකරණ අලෙවි කරයි. ෆොටෝකොපි සදහාද වෙළදපොලේ මිලට වඩා අඩු මිලක් අය කරයි.
මෙම පරිත්‍යාග කිරීමේ අවස්ථාවට 2000 කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක්ද සහභාගි විය.

Leave a Reply
You must be logged in to post a comment.