Spread the love

සටහන සහ ඡායාරූපය – හිමාලි විජේරත්න (1991)

එවකට මාගේ මතකයේ හැටියට අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා අප පාසලේ දිස්ත්‍රික් වැඩසටහනක් සදහා 1990 වර්ෂයේදී පැමිණි අයුරු මතකය. ඒ සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල් කීපයක් නියෝජනය කරමින් සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ද සහභාගි වී සිටියහ. අප පාසල ජාතික පාසලක් කරන ලෙස ඉල්ලීමක් විදුහල්පති කේ.ජී.ජයතිලක මහතා ඉල්ලීමක් කරන අතර එවකට දැදිගම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජේරත්න මැතිතුමාද විශේෂ ඉල්ලීමක් කිරීමේ ප්‍රථිපලයක් වශයෙන් ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා එකගතාවය පලකල බව පසුව අපට දැනගැනීමට ලැබිනි.

මෙම ඡායාරූපය එම පැමිණි අවස්ථාවේදී මේ අවස්ථාවට සහභාගිවූ ශිෂ්‍ය නායක නායිකාවන් සහ සිසුන් ගරු ඇමතිතුමා සමග ගත් ඡායාරූපයකි. ඇමතිතුමාට පිටුපසින් සිටින්නේ විදුහල්පති කේ.ජී. ජයතිලක මහතායි.

Leave a Reply