Spread the love

සංකල්පනාව-රුචිර මාලින්ද (2000)

වසරකට වරක්
මල්වර වන
ලස්සනම ලස්සන
ඒ සොඳුරු මැයි කොමලිය
පිට්ටනිය හාත්පස
විසුරුවා මල්ගොමුව
හැඩ කල
සේනානි බිම
කොළපාට තණ බිස්ස මත
විසිරෙන විට
ඒ රතු මල් මංජරීය
ඇත්තටම පුදුම ලස්සනක්
ඒ සොඳුරු සෙවණ යට
මේ මැයි ගහ යට
හමුවුනු වෙන්වුණු
සිත් කොතෙක් නම් තිබුණිද
පහතට ගලා ගිය
ලස්සන පියගැටපෙළ
වර්ණවත් කළා
දැවැන්ත මැයි කුමරිය
අහෝ අප දරුවන්
පින් කර නැත
ඈ සෙවනේ
සැනසෙන්න

සංකල්පනාව – මැයි සෙවනේ සිසිල විඳි ආදි සිසු රුචිර මාලින්ද

Leave a Reply