Spread the love
සංකල්පනාව-අනෝමා ජානකී මිහිදුකුලසූරිය (1977)
කිමද කඳුළු
හෙලනු බැරිද
නෙතු පිය මත
මා ඉවතට…..
රැජිණ නුඹට
දුන් අනසක
හරිනු හැකිද
කිසිදා මග…..
නිවසෙ කෙළින
ඒ දරු රුව
කුස පිරුමයි
නුඹ සැනසුම…..
වියතේ ගිනි
නිවනු සබඳ
මා විසි කොට
ඈත හිමට…..
නුඹ පඩිපත
හිමි නැති දින
හඬනු නිසැක
ඒ නෙතු යුග…..
කුලවත් මල්
සනහා හැර
යනුය සබඳ
මා අතහැර..
Leave a Reply
You must be logged in to post a comment.