Spread the love

මේ අප පාසලේ 96 කණ්ඩායමේ සහෝදර සහෝදරයින් පිරිසක්. සෑම වර්ෂයකම අප පාසලේ දරු දැරියන්ට මෙන්ම අවට සහෝදර පාසැල් වල දරු දැරියන්ටත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සංවිධානය කරන්නෙ එම කණ්ඩායම. මෙවර සම්මණ්ත්‍රණයෙන් පසු ඉතිරි වූ මුදල් ප්‍රාථමික අංශයවෙත පරිත්‍යාග කරන්න ඔවුන් කටයුතු කලා. ආදි ශිෂ්‍ය සංගමයත් සමග එක්ව නිරන්තරයෙන් කටයුතු කරන ඔවුන් එම මුදල් ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුම හරහා වියදම් කරමින් තම සගයින්ට ඔවුන්ගේ විනිවිද භාවය පිළිබදව සහතිකයක් දීමට හැකියාව ලැබී තිබෙනවා.මෙම ඡායාරූපයේ සිටින මෙහි නැති සියලූම දෙනාට සුභ පැතුම් එක් කරනවා.

Leave a Reply