Spread the love

පාසලේ භෞතික සංවර්ධනය මෙන්ම අධ්‍යාපන සංවර්ධන කටයුතු වෙනුවෙන් පාසලත් සමග බද්ධ වෙමින් කටයුතු කිරීම ආදි ශිෂ්‍ය සංගමය සැම විටම සිදුකරනු ලබයි. අද වන විට වර්ථමාන කොවිඩ් 19 වසන්ගතය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අන්තර ජාල තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන සාර්ථකම පාසල ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේද පැසසුමට ලක්වී ඇත. ඒ සදහා කැපවෙන ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයට ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවය, ප්‍රණාමය පුදකල යුතුමයි. එසේම මෙම කාර්යයන්හිදී කථාවෙන් නොව ක්‍රියාවෙන් පාසලේ අධ්‍යාපන මෙන්ම භෞතික සංවර්ධන කටයුතු වලදී අත්වැල් බැද ගන්නා සියලු අනු කණ්ඩායම් කෘතවේදීව සිහිපත් කරමි.

Leave a Reply